Wednesday, April 29, 2009

හුණුවටයේ කතාව

පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............

නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.

පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....

අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප‍්‍රශ්නය ටිකක් අසාමාන්‍ය ප‍්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.

අසඩක් - දැන ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් ! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.

පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........

අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?

ගෲෂා - දරුවා මගේ

අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.

ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.

අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.

නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..

දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත‍්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත‍්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ

( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත‍්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?

පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප‍්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.



අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!

දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත‍්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................

අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?

ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)

අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.

ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත‍්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත‍්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.

දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!

අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.

ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.

පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!

අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත‍්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)

ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!

උපුටා ගැනීම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි.

Monday, April 20, 2009

ගැටුමට මැදිවූ සිවිල් ජනතාව බේරා ගැනීමට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අවශ්‍යයි.


අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ශ‍්‍රි ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර පවතින සන්නද්ධ ගැටුමට මැදිව සිටින සිවිල් ජනතාව පිළිබද ප‍්‍රශ්නය මේ වන විට විශාල වශයෙන් ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්ව ඇත. ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්තානය ට අනුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දැන් රජයේ හමුදාව ආරක්ෂිත කලාපය හැර අනෙක් සියළු ප‍්‍රදේශ තම පාළනය යටතට ගෙන ඇති නිසා ඉතිරිව ඇති කොටස සිම්පල් ප්ලෑන් එකක් බවයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සිවිල් ජනයාට අදාල ප‍්‍රදේශයෙන් පිටතට එන ලෙස නිවේදනය කර ඉන් අනතුරුව ඉතිරිව ඇති එල්ටීටීඊ සටන් කාමීන් විනාශ කිරීම එම සිම්පල් ප්ලෑන් එකයි. නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීම හිතන තරම් සිම්පල් නැති බව මේ වන විට පෙනී ගොස් ඇති අතර ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව, මානූෂීය අධාර සපයන සංවිධාන, මානව හිමිකම් සංවිධාන පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාවද මෙය බර පතල ප‍්‍රශ්ණයක් ලෙස සළකන බව පෙනේ. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කොළඹ විකල්ප ප‍්‍රතිපත්ති කෙන්ද්‍රයේ විදායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු මහතා සමග ගැටුමට මැදිවි වූ සිවිල් ජනතාව පිලිබඳ කරන ලද සාකච්චාවක පරිවර්ථනයක් පහත දැක්වේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව රජයේ හමුදාව කරගෙන යනු ලබන මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් අර්බුදයක් වන්නි ප‍්‍රදේශයේ පැන නැඟී ඇත. රජයේ සංඛ්‍යා ලේඛණවලට අනුව 70000ක පිරිසක් මේ ප‍්‍රදේශයේ සිරවී සිටින අතර ජාත්‍යන්තර ආයතන දක්වන සංඛ්‍යා ලේඛන වලට අනුව එය 152000 සිට 200,000 දක්වා වෙයි. එම ප‍්‍රදේශයෙන් ඉවත් වී යාමට තැත් කරන සිවිල් ජනතාව වෙත එල්.ටී.ටී.ඊ සංවිධානය වෙඩි තබන බවට ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වී ඇත. එලෙස රජය මඟින් යුධ මුක්ත කලාපය ලෙස නම් කරන ලද භූමි තීරුවට රජයේ හමුදා කාල තුවක්කු ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ඇත. ප‍්‍රධාන අවශ්‍යතා වන ආහාර සහ ඖෂධ ප‍්‍රමාණවත් අයුරින් සැපයීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත. බැලූ බැල්මට ආයුධ සන්නද්ධ පාර්ශ්ව දෙකම මෙම තත්ත්වය තුළ සිවිල් ජනතාව තම ඉලක්කය බවට පත් කරගෙන ඇති බව පෙනී යයි.

ප‍්‍රශ්නය - සිවිල් ජනතාවට ඉන් ඉවත්වීමට කළ හැක්කේ කුමක්ද?
සිවිල් ජනතාව ඉවත්වීමට කළහැකි දේ සලකා බලන විට මුලින්ම පාර්ශ්වයන් දෙකම ඔවුන්ගේ කුමන වෙනස්කම් තිබුනද සිවිල් ජනතාව යනු එක් අතකින් මිනිස් බිලි ලෙස නොසැළකිය යුතු බව අවබෝධ කරගත යුතුය. ඔවුන්ට සටන් විරාමයකට එකඟවිය නොහැකි නම් තුන්වන හෝ බහු පාර්ශ්වයක් සමහර විට එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප‍්‍රදේශයට ගොස් ඔවුන් පිටතට රැගෙන ඒම කළ යුතුයි.

ප‍්‍රශ්නය- මේ වන විට යුද්ධය පවතින ප‍්‍රදේශවල සිට 40000කට වැඩි සිවිල් ජනතාවක් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණ ඇත. අපට විස්තර කරන්න පුලුවන්ද මෙසේ පැමිණි ජනතාවට සපයා ඇති නිවාස පහසුකම් සහ ඔවුන්ට ඇති කොන්දේසි මොනවාද කියලා?
ඔවුන් ජීවත් වන්නේ කුමන කොන්දේසි යටතේද කියා ඔබයට කිව හැකිද ඔවුන් රඳවා ගෙන සිටින ප‍්‍රදේශය අධික ලෙස මිලිටරීකරණය වු ප‍්‍රදේශයක්. හුවමාරු කඳවුරු, සුභ සාධක කඳවුරු කියනු ලබන ඒවා රැඳවුම් කඳවුරුවලට සමාන බවට චෝදනා එල්ල වී තිබෙනවා. නැවත පදිංචි කිරීමේ වැඩසටහනක් පිළිබඳව සෑහිමකට පත්විය හැකි ආකාරයේ කිසිඳු සැලැස්මක් තවමත් නැහැ. අතුරු හමුදාවන් මෙම කඳවුරු තුළ සැරිසරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දෙන්නන් සහ අනුග‍්‍රහකයන් ලෙස හඳුන ගන්නා අය අතුරුදහන් කරවීම සිදුවෙනවා.

ප‍්‍රශ්නය- ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවතැන් වී රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණෙන සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. ප‍්‍රධාන සාධකය ලෙස මතු වී ඇත්තේ රජය සත්‍ය වශයෙන්ම මෙම ජනතාව ආරක්ෂා කරන්නේද යන්න. අපට මෙම අවස්ථාව වන විට අවබෝධ වෙලා තියෙනවා නිසි ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදයක් සිවිල් ජනතාව වෙනුවෙන් නොමැති බව. ඒක සත්‍යය ද?
මෙතෙක් කාලයක් දුරට සිවිල් ජනතාව ලියාපදිංචි කිරීමට නිවැරදි යාන්ත‍්‍රණයක් පිළියෙල කරලා නොමැති බව අපිට පැහැදිලියි. එමනිසා සත්‍ය ලෙසම ජාත්‍යන්තර නිරීක්ෂණ සහිත ස්ථානයකට භාරදිය යුතුය. රජය විසින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ජොන් හෝම්ස් හට සහතික වී තිබෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතන විසින් මෙම සහතිකයන් එලෙස ක‍්‍රියාත්මක කරනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ------

Back to Home

Friday, April 3, 2009

අපි වෙනුවෙන් උන්

තුෂාර විතාරණ

ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. ඒ වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.

දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම් පොඩිඑකාට කොකා පෙන්නා ඇත. මහජනතාවද මේ ඇටිකෙහෙල් ගෙඩිය රස කරමින් ගිලදමනුයේ හවසට වෙන හදිය දැන හෝ නොදැන විය හැකිය.

පළමුවෙන්ම රජය පවසන අපි යනු කවුරුන්දැයි ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුය. ජාතික හෙළ උරුමය, විමල් වීරවංශ සහ ගුණදාස අමරසේකරට අනූව අපි යනු සිංහල-බෞද්ධ ජනතාවයි. විමල් වීරවංශ ඉවත් වීමට පෙර ජෙ.වි.පෙ.(ජාතික විමල් පෙරමුණ- විමල් වීරවංශ ජෙ.වි.පෙ. වන් මෑන් ෂෝ කරපු සමය) මතයද මෙයම විය. මොවුන් මෑත කාලීනව පැහැදිලි ස්ථාවරයක සිට අදහස් ප‍්‍රකාශ කළද රටේ රජ්ජුරුවන්ට (කෙරවලපිටිය විවෘත කරන අවස්ථාවේ අමාත්‍යංශ ලේකම් ජනාධිපතිතුමන්ට ආමන්ත‍්‍රණය කළ පරිදි) අනුව නම් උන් විටින් විට වෙනස් වෙයි. යුද්ධය තුළදී එල්.ටී.ටී.ඊ ය උන්ය. මිග් ටෙන්ඩර් ගැන කථා කරන්නන් උන්ය. රජය ප‍්‍රශ්ණ කරන මාධ්‍යවේදීන් උන්ය. සාමය, මානව හිමිකම් ගැන කථා කරන්නන්ද උන්ය. පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂ අපේක්ෂකයන් උන්ය. ඔවුන්ගේ ආධාරකරුවන්ද උන්ය. විපක්ෂයට ඡන්දය භාවිතා කරන ජනතාවද උන්ය. තෙල් මිල පිළිබඳව ඇඟිල්ල දිගුකරන්නන්ද උන්ය. හාල් මිල අහස උසට යන විට කතා කරන්නන්ද උන්ය. සංවර්ධනය පිළිබඳ හාර අවුස්සන්ද උන්ය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂය උන්ය. මෙලෙස මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගුකළ හැකිය. මේ අනුව බලන කල අපිද කුමන හෝ අවස්ථාවක උන්ගේ ගොඩට වැටෙයි. මෙලෙස මහින්ද රාජපක්ෂ තුමන් බලයට ගෙනා රටේ ජනතාව එතුමා විසින්ම උන් කර හමාරය.

රාජපක්ෂතුමන් මෑතදී පැනිලි බහුල ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ඓතිහාසික පැනිල්ලකට අත දුන්නේය. ඒ කරුණාරත්න (කරුණා+රත්න - කරුණා රජයට මැණිකක් වූ නිසාය.) මහතාගේ පැනිල්ලය. කරුණා යනු 2008ට පෙර උන්ගෙන් කෙනෙකි. ඔහු උන්ගෙන් කෙනෙකි නොව ඇත්තවශයෙන්ම කිවහොත් උන්ගේ පොරය. අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළුව නැගෙනහිර දහස් ගණන් හමුදා සෙබලූන් ඝාතනය කළ උන්ගේ මෙහෙයුම් වල නිර්මාතෘවරයාය. ඒ අනුව එදා ඔහු උන්ගෙන් කෙනෙක් බව අපටද මහින්ද රාජපක්ෂතුමන්ටද ප‍්‍රශ්ණයක් නැත. නමුත් ඔහු දැන් අපේ කෙනෙක් බව මහින්ද රාජපක්ෂ පවසයි. මේ රාජ ආඥව අසන ජනතාව පොඩි කසුකුසුවක් නගති. (කසුකුසුවක් කීවාට කනට නෑසෙන තරම් එකකි.) කමක් නැත. රාජ උදහසට ලක්විය හැකි බැවින් එයද පිළිගත්තා යැයි කියමු. (මක්නිසාදයත් රටේ ජනතාවගේ හැටියට තමයි ජනාධිපති පත්වන්නේ) ප‍්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.

කරුණාරත්න අපේ නම් අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්වහන්සේලා කාගේද? උන්වහන්සේලා (සිංහල-බෞද්ධ) අපේද? උන්ගේද?
අලිමංකඩ, මුලතිව් බංකර තුළ අවසන් හුස්ම හෙළු ජාතියේ මුරදේවතාවන් අපේද? උන්ගේද?

Back to Home

Thursday, March 26, 2009

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදීයා ක‍්‍රියාපදයෙන් නාම පදයට - 02

ත‍්‍රස්තවාදය භංගවේවා !
ත‍්‍රස්ත මර්දනයට ජයවේවා !


උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි නාමකරණය කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකරන ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට අද වෙන විට පත් වී ඇති බවයි. දැන් ඔබ කියාවි. ’’ඒක මහා මෝඩ තර්කයක්නේ. එතකොට ත‍්‍රස්තවාදී කියලා නම් කරපු සංවිධානයක් සුනාමියෙන් විපතට පත්වුණු මිනිසුන්ට අධාර කළොත් එකක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වෙනවද? ’’ කියලා.’’ දැන් තියෙන ත‍්‍රස්ත විරෝධී නීති අනුව ඒකත් එහෙම තමයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොටම ඔබට මෙහෙ කියන්න පුළුවන් ‘‘වෙන්න ඇති . ඒකත් විශ්වාස කරන මෝඩයෝ ඕන තරම් ඇති. හැබැයි මම නම් ඒ වගේ මෝඩයෙක් නෙවෙයි.’’ එහෙම කියලා ඔබට පුළුවන් ඔබේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කරන්න. ඉතින් කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගල කණ්ඩායමක් ඔවුන් සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ දේපළවලට හානි කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ බරපතල ආකාරයේ සිවිල් නීති කඩකිරීම් නිසා හෝ ‘ත‍්‍රස්තවාදී’ කියා නම් කළාට පස්සේ ඔහු හෝ ඔවුන් ඉතින් ආයෙ දෙකක් නෑ ත‍්‍රස්තවාදියෙක් හෝ ත‍්‍රස්තවාදී සංවිධානයක් තමයි.’

කිසිවෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් නොසවා වුණත් කිසියම් පිරිසක් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒ වගේම අහිංසාවාදී ක‍්‍රියාවල නිරතවන පිරිසක් වුණත් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පලස්තීනයේ දේශපාලන ක‍්‍රියාවලියට සහභාගී වෙන, ඒ විතරක් නෙමෙයි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමක් වුණත් ඒ සියල්ල නොතකා ත‍්‍රස්තවාදී ලෙස නම් කරන්න පුළුවන් සහ ඒ නිසා සම්මත දේශපාලන කතිකාවෙන් ඔබ්බෙහි තියෙන දෙයක් ලෙස සැලකීමට ලක්වෙන්න පුළුවන්. ඔබ හිතයි මම කියන්නේ හමාස් සංවිධානය ගැන කියලා. නමුත්, බටහිර ඉවුරේ රමල්ලා නගරයේ සිට පාලනය ගෙනයන පලස්තීන අධිකාරීයටත් වසර කිහිපයකට පෙර ඊශ‍්‍රායලය කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. අභාවප‍්‍රාප්ත පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් ගේ කාර්යාලයටත් බෝම්බ දැම්මා.

දැන් අපි තවත් පැත්තකින් බලමු. අපට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා ‘දේශපාලන ත‍්‍රස්තය’ කියන්නේ එක්තරා ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් විස්තර කිරීමක් මිසක් ඒ වචනය ඇහුණු ගමන්ම සදාචාර වශයෙන් එය හෙළා දැකීමක් අදහස් නොවන බව. දැන් වෙලා තියෙන්නේ කිසියම් කෙනෙකුට ’’ඔයා ත‍්‍රස්තවාදියෙක් ’’ කියලා කීමයි. ඒ පුද්ගලයා හෙළා දැකීමයි කියන දෙකම එකපාරටම සිදුවීම. වටිනාකම් විනිශ්චය විස්තර කිරීම තුළම ගැබ්වෙලා තියෙනවා.

අවසාන වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ‘ත‍්‍රස්තවාදය’ කියන දෙය ක‍්‍රියාවේ යෙදවීමට රාජ්‍යයට හැකියාවක් නැහැ කියලා. සමහරවිට රාජ්‍යය සෘජුවමත් තවත් විටෙක තමන්ගේ අවසරය ලත් පැරා මිලිටරි හමුදා යොදා ගනිමිනුත් කරන ක‍්‍රියාකාරකම් එක් පැත්තකින් ප‍්‍රචණ්ඩකාරී වගේම තම ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා යොදා ගන්නා ඒවා වුණත් ඒවා ත‍්‍රස්තය හෝ ත‍්‍රස්ත ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ නැහැ. එයට හේතුව ත‍්‍රස්තවාදය යන වචනය දැන් අනිවාර්ය ලෙසම භාවිතා කෙරෙන්නේ රජයට පරිබාහිරව ක‍්‍රියාකරන සංවිධාන පුද්ගලයන් හැඳින්වීම සඳහාම පමණක් වීමයි. ඊටත් වඩා නරක තත්ත්වය තමයි වචන එහා මෙහා කිරීම මඟින් රාජ්‍ය ත‍්‍රස්තය කියන එන‘ත‍්‍රස්ත මර්දනය’ නැත්නම් ‘ප‍්‍රති ත‍්‍රස්තය’ බවට පත් කරලා තිබීමයි.

වෙනත් වචනයකින් කිව්වොත්, ප‍්‍රතිඵලය මේකයි. ත‍්‍රස්ත විරෝධය හෙවත් ප‍්‍රති ත‍්‍රස්තය (counter terrorism) කිසිඳු ප‍්‍රශ්ණ කිරීමකින් තොරව ආවේණික යහපත් දෙයක්. හරියට ‘ත‍්‍රස්තවාදය’ ආවේණිකවම නරක නපුරු දෙයක් වුණා වගේ.

It's only wordsand
words are all they need
to make you a TERRORIST

Back to HOME...

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදීයා ක‍්‍රියාපදයෙන් නාම පදයට 02ත‍්‍රස්තවාදය භංගවේවා !ත‍්‍රස්ත මර්දනයට ජයවේවා !

උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි නාමකරණය කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකරන ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට අද වෙන විට පත් වී ඇති බවයි. දැන් ඔබ කියාවි. ’’ඒක මහා මෝඩ තර්කයක්නේ. එතකොට ත‍්‍රස්තවාදී කියලා නම් කරපු සංවිධානයක් සුනාමියෙන් විපතට පත්වුණු මිනිසුන්ට අධාර කළොත් එකක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වෙනවද? ’’ කියලා.’’ දැන් තියෙන ත‍්‍රස්ත විරෝධී නීති අනුව එ්කත් එහෙම තමයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොටම ඔබට මෙහෙ කියන්න පුළුවන් ‘‘වෙන්න ඇති . ඒකත් විශ්වාස කරන මෝඩයෝ ඕන තරම් ඇති. හැබැයි මම නම් ඒ වගේ මෝඩයෙක් නෙවෙයි.’’ එහෙම කියලා ඔබට පුළුවන් ඔබේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කරන්න. ඉතින් කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගල කණ්ඩායමක් ඔවුන් සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ දේපළවලට හානි කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ බරපතල ආකාරයේ සිවිල් නීති කඩකිරීම් නිසා හෝ ‘ත‍්‍රස්තවාදී’ කියා නම් කළාට පස්සේ ඔහු හෝ ඔවුන් ඉතින් ආයෙ දෙකක් නෑ ත‍්‍රස්තවාදියෙක් හෝ ත‍්‍රස්තවාදී සංවිධානයක් තමයි.’
කිසිවෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් නොසවා වුණත් කිසියම් පිරිසක් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒ වගේම අහිංසාවාදී ක‍්‍රියාවල නිරතවන පිරිසක් වුණත් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පලස්තීනයේ දේශපාලන ක‍්‍රියාවලියට සහභාගී වෙන, ඒ විතරක් නෙමෙයි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමක් වුණත් ඒ සියල්ල නොතකා ත‍්‍රස්තවාදී ලෙස නම් කරන්න පුළුවන් සහ ඒ නිසා සම්මත දේශපාලන කතිකාවෙන් ඔබ්බෙහි තියෙන දෙයක් ලෙස සැලකීමට ලක්වෙන්න පුළුවන්. ඔබ හිතයි මම කියන්නේ හමාස් සංවිධානය ගැන කියලා. නමුත්, බටහිර ඉවුරේ රමල්ලා නගරයේ සිට පාලනය ගෙනයන පලස්තීන අධිකාරීයටත් වසර කිහිපයකට පෙර ඊශ‍්‍රායලය කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. අභාවප‍්‍රාප්ත පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් ගේ කාර්යාලයටත් බෝම්බ දැම්මා.
දැන් අපි තවත් පැත්තකින් බලමු. අපට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා ‘දේශපාලන ත‍්‍රස්තය’ කියන්නේ එක්තරා ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් විස්තර කිරීමක් මිසක් ඒ වචනය ඇහුණු ගමන්ම සදාචාර වශයෙන් එය හෙළා දැකීමක් අදහස් නොවන බව. දැන් වෙලා තියෙන්නේ කිසියම් කෙනෙකුට ’’ඔයා ත‍්‍රස්තවාදියෙක් ’’ කියලා කීමයි. ඒ පුද්ගලයා හෙළා දැකීමයි කියන දෙකම එකපාරටම සිදුවීම. වටිනාකම් විනිශ්චය විස්තර කිරීම තුළම ගැබ්වෙලා තියෙනවා.
අවසාන වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ‘ත‍්‍රස්තවාදය’ කියන දෙය ක‍්‍රියාවේ යෙදවීමට රාජ්‍යයට හැකියාවක් නැහැ කියලා. සමහරවිට රාජ්‍යය සෘජුවමත් තවත් විටෙක තමන්ගේ අවසරය ලත් පැරා මිලිටරි හමුදා යොදා ගනිමිනුත් කරන ක‍්‍රියාකාරකම් එක් පැත්තකින් ප‍්‍රචණ්ඩකාරී වගේම තම ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා යොදා ගන්නා ඒවා වුණත් ඒවා ත‍්‍රස්තය හෝ ත‍්‍රස්ත ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ නැහැ. එයට හේතුව ත‍්‍රස්තවාදය යන වචනය දැන් අනිවාර්ය ලෙසම භාවිතා කෙරෙන්නේ රජයට පරිබාහිරව ක‍්‍රියාකරන සංවිධාන පුද්ගලයන් හැඳින්වීම සඳහාම පමණක් වීමයි. ඊටත් වඩා නරක තත්ත්වය තමයි වචන එහා මෙහා කිරීම මඟින් රාජ්‍ය ත‍්‍රස්තය කියන එන‘ත‍්‍රස්ත මර්දනය’ නැත්නම් ‘ප‍්‍රති ත‍්‍රස්තය’ බවට පත් කරලා තිබීමයි.
වෙනත් වචනයකින් කිව්වොත්, ප‍්‍රතිඵලය මේකයි. ත‍්‍රස්ත විරෝධය හෙවත් ප‍්‍රති ත‍්‍රස්තය (counter terrorism) කිසිඳු ප‍්‍රශ්ණ කිරීමකින් තොරව ආවේණික යහපත් දෙයක්. හරියට ‘ත‍්‍රස්තවාදය’ ආවේණිකවම නරක නපුරු දෙයක් වුණා වගේ.
It's only wordsand words are all they needto make you a TERRORIST

Thursday, March 19, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ අපි නෙමෙයි , උන් තමයි

ප‍්‍රචණ්ඩත්වයට කවුරුත් විරුද්ධයි. ඉස්සර බස්වල ගහලා තිබුනේNO SMOKING කියලා වුනාට දැන් හැමතැනම කියන්නේ SAY NO TO VIOLENCE කියලයි.

ගෙදර ඇතුළේ දී තමන්ගේ භාර්්‍යාවගේ ඔළුව සිහිසුන් වනතුරු බිත්තියේ ඇණපු අය , බස්වල, කෝච්චිවල කුංග්ෆු සන්දර්ශන පවත්වපු අය වුණත් සමාජයේදී ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධයි.

ඒ වුනාට ප‍්‍රචණ්ඩත්වය පිළිගෙන එය පාවිච්චි කරපු පුද්ගලයෙක් දැනට වසරකට පෙර නේපාලයේ අගමැති ධුරයට ඡන්දයෙන් පත්වුනා. බලන්නකෝ පුදුමේ කියන්නේ එයාගේ නමත් ප‍්‍රචණ්ඩ. ප‍්‍රචණ්ඩ සහෝදරයා වෙන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු කත්මන්ඩු ගිහින් එයාව හමුවෙන කොට ගරු ප‍්‍රචණ්ඩ මැතිතුමා කියන්න බැරි නිසා එයා දැන් තමන්ගේ පරණ නම හෙවත් පුෂ්පකමාල් දයාල් කියන නම පාවිච්චි කරනවා. පුෂ්පකමාල් දයාල් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වුණත් එයා ‘ආචාර්ය’ පට්ටම නමට ඉදිරියෙන් දාගන්න එච්චර උනන්දුවක් නැති විප්ලවවාදියෙක්. පුදුමයි නේද?

පහත පළවන්නේ නේපාලයේ අගමැති ප‍්‍රචණ්ඩ සහෝදරයා සමඟ ඉතාලියේ L'espresso වෙබ් අඩවිය පවත්වපු සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්.

ඔබ හිතන අන්දමට නේපාලයට අදාළව ඉතාම හදිස්සියෙන් සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද ?

ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මුළු රාජ්‍ය ව්‍යූහය ෆෙඩරල් ක‍්‍රමයක් බවට ප‍්‍රතිව්‍යුහගත කිරීමයි. පසුගිය අවුරුදු 230ක් තිස්සේ පැවතුණු වැඩවසම් ක‍්‍රමය වෙනස් කර, රාජ්‍ය ව්‍යුහය රැඩිකල් ආකාරයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රීය කරණය කිරීමට අපට අවශ්‍යයි. ස්වයංපාලන ප‍්‍රදේශ 09 කින් හෝ 10 කින් සමන්විත ෆෙඩරල් මාදිලියේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි. මේ අතර අපේ ප‍්‍රමුඛතාවය වන්නේ විප්ලවකාරී ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීමයි. විශාල ඉඩම් හිමියන්ගේ ඉඩම් පවරාගෙන දුප්පත් මිනිසුන්ට එම ඉඩම් බෙදාදීම අවශ්‍යයි.

නේපාලය තුළ වගේම විදේශයන්හිත් සිටින සමහරු කියන්නේ මා ඕ වාදීන් වන ඔබලා තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයක් නොවන බවයි. ඔවුන් හිතන්නේ බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ඔබලා බහු - පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගත් බවයි. මෙයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

ඔව්! මම ඔය කතා අහලා තිබෙනවා. මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, අපි විශ්වාස කරන අන්දමට සමාජවාදය තුළ - නිර්ධන පංතියේ ආඥදායකත්වය තුළ පවා බහු පක්ෂ තරඟකාරීත්වයකින් තිබිය යුතුයි. අප මේ තීරණයට එළඹුනේ පක්ෂය තුළ තියුණු විවාදයකින් පසුවයි. අපේ තේරුම්ගැනීම අනුව විවිධ පක්ෂ අතර තරඟකාරීත්වයකින් තොරව නූතන සමාජය ගොඩනැංවිය නොහැකියි. නමුත්, එක වැදගත් ප‍්‍රශ්ණයක් තියෙනවා. ‘‘මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහු පක්ෂ ක‍්‍රමය කවුරුන් වෙනුවෙන්ද?’’ අප දන්නවා විවිධාකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයන් තියෙනවා. සමහර පන්තිවලට හෝ සමහර ප‍්‍රදේශවලට මිස ජනගහණයේ බහුතරයට උදව් උපකාර වන කිසිවක් කරනු නොලබන, ඊට පටහැනිව අපට අවශ්‍යයි මහජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. මේ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ අදහස, එය කිසියම් උපාය මාර්ගයක් හෝ උපක‍්‍රමයක් නෙවෙයි. අපි ගැන ඔය වගේ කතා කියන උදවිය තමයි හැමදාමත් ඉඩම් හිමියන්ගේ, ධනපතියන්ගේ, ( ඉරාකයේ හා අෆ්ඝනිස්ථානයේ) ජනතාවගේ ඔළුගෙඩිවලට බෝම්බ දමා යුධ වැද්දන්ගේ පැත්ත ගන්නේ. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැත්තේ අපි නෙමෙයි. උන්

Back to HOME...

Thursday, September 11, 2008

GSP+ ගැන චණ්ඩි කතා සහ ඇත්ත කතා

යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගෝස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.

ලංකාවේ ඇඟළුම් කර්මාන්තය පළමුවරට දශක දෙකක කාලයක් පුරාවට අපනයන ආදායම් උපයන ඉහළම මාර්ගය බවට පත්ව ඇති අවස්ථාවක සහ ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පිළිගැනීම අහිමිවීමේ අවාසිදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති අවස්ථාවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ලංකාව තවදුරටත් බටහිර රටවල් මත රඳා නොපවතින බවයි. ඒ පොලොන්නරුවේ වාරිමාර්ග ව්‍යාපෘතියක් ජනතා අයිතියට පැවරීමේ උළෙලකදීය. එතුමා තවදුරටත් කියා සිටියේ බටහිර මත රඳා පවතින නායකයන්ගේ යුගය තම පාලන කාලයෙන් අවසන් වන බවයි.

Lanka Orix Securities හි පර්යේෂණ ප‍්‍රධානී වජිර පේ‍්‍රමවර්ධන පැවසුවේ, උද්ධමනය සියයට 27% ක ප‍්‍රතිශතයකින් ඉහළ යන විට මිනිසුන් උපයන ආදායම ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවන බවයි. මෙවැනි තත්වයක් තුළ බොහෝ දෙනා තම රැකියා අතහැර විදේශ ගතවේ. ”ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව හා GSP+ සඳහා එහි බලපෑම” යන ශිර්ෂය යටතේ The Economist සඟරාවේ ලිපියක් මෙලෙස දක්වා තිබුනි. ”2004 වසරේ ඇති වු සුනාමියෙන් පසු ශ‍්‍රී ලංකාව නැවත ගොඩ ගැනීමට GSP+ ආධාරකයක් විය. යුරෝපා සංගමය මඟින් ලබා දුන් සහන ශ‍්‍රී ලංකා අපනයනකරුවෝ භුක්ති වින්දහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වුයේ යුරෝපා සංගමයයි. එය වසරකට ඩොලර් බිලියන 1ක පමණ විකුණුම් ප‍්‍රමාණයකි. ඉන් හරි අඩක් ආවරණය කරනු ලබන්නේ GSP+ හරහාය. නමුත් GSP+ පාලනය කරන රීතීන්වලට අදාළව ගැටලූවක් උද්ගත වී ඇත. ප‍්‍රතිලාභ භුක්ති විඳින්නන් පරිසර, කම්කරු හා මානව හිමිකම් යන අංශවල ප‍්‍රමිතීන් දක්වන්නා වු අන්තර්ජාතික සම්මුතීන් 27 පිලිපැදීම කළ යුතුවේ. මේ සියල්ල අවසානයේ ශ‍්‍රී ලංකාව මෙය ඉටුකර ගැනීමට නොහැකිව දඟලමින් සිටියි. මන්ද 2008 වසර අවසානයේ ගිවිසුම අවසන් වීමට නියමිතය.
The Economist සඟරාව තවදුරටත් දැක්වු ආකාරයට 2006 වසරේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ දෙමළ හා මුස්ලිම් ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා අතුරුදහන්වීම සම්බන්ධව රජයට දෝෂාරෝපණ එල්ල වී ඇත. එසේම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම රජය ප‍්‍රතික්ෂේප කරන ලදි. විකල්ප වශයෙන් ඉන්දියාව, ප‍්‍රංශය, ඇමෙරිකාව හා අනෙකුත් රටවලින් පැමිණි අද්විතීයයන්ගේ කණ්ඩායමකට රජය විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිරීක්ෂණය කිරීමට ආරාධනා කළත් ඔවුන් පසුගිය අපේ‍්‍රල් මාසයේ තම නිරීක්ෂණය අත්හරින ලද්දේ සත්‍ය හෙළිදරව් කිරීමට දේශපාලන වුවමනාවක් රජයට නැති බව දක්වමිනි.

ලංකාව පිළිබඳ අත්දැකීම් ඇති යුරෝපා සංගමයේ ජේය්‍යෂ්ඨ නිලධාරියකු පැවසුවේ දැනට පෙනෙන්නට ඇති ආකාරයට GSP+ සහනය අලූත් කිරීම සිදු නොවනු බවයි. ඔහු යෝජනා කළේ සහනය තවදුරටත් ලබා ගැනීමට නම් අඩු ගණනේ 2006 දී ඝාතනයට ලක්වු ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17 දෙනා පිළිබඳවත් ත‍්‍රිකුණාමලයේ ඝාතනය වු ශිෂ්‍යයන් 05 දෙනා පිළිබඳවත් වන නඩුවල සෑබෑ ප‍්‍රගතියක් පෙන්විය යුතු බවයි. එවැනි ප‍්‍රගතියකින්වත් තොරව යුරෝපා සංගමය විසින් GSP+ සහනය අලූත් කළහොත් එම තීරණය ලෝක වෙළෙඳ සංවිධානය තුළදී අභියෝගයට ලක්වනු ඇතැයි වැඩි දුරටත් පැවසු එම නිලධාරියා එවැනි තත්ත්වයක් තුළ 2004 දී පකිස්ථානය සමඟ කෙරෙන යුරෝපා සංගමයේ වෙළෙඳාම අත්හිටුවීමට සිදුවු බවද පැවසීය.

SUSSEX විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයකු විසින් සකස් කරන ලද තවමත් ප‍්‍රකාශයට පත් නොවූ පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව GSP+ සහනය අහිමි වීමෙන් ලංකාවේ ඇඟලූම් ආනයනයන් 4% කින් කපා හැරෙනු ඇත. සමස්ථයක් ලෙස එය දළ දේශිත නිෂ්පාදිතයෙන් (GDP) 2% කි. මාස් හෝල්ඩින්ග්ස් ආයතනය කල්පනා කරන්නේ GSP+ අහිමි වන බවයි. මේනිසා වැඩිවන වියදම අඩුකර ගැනීමට වෙනත් වියදම් කපා හැරීමට සමාගම බලාපොරොත්තු වන අතර ඒනිසා ඇඟලූම් සඳහා රෙදි ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් මිලදී නොගෙන නැගෙනහිර ආසියාවෙන් ගැනීමට ඔවුන් ක‍්‍රියාකර ගෙන යයි.

The Economist සඟරාවට අනුව, මෙය ශ‍්‍රි ලංකාවට හා අපගේ ඇඟලූම් කර්මාන්තකරුවන්ට නරක තත්ත්වයක් උදාකරන්නකි. මෙම සඟරාව තවදුරටත් දක්වන ආකාරයට ශ‍්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 30% කට ආසන්නය. ගණනය කිරීම් අනුව 2006 වසරේ ආර්ථික වර්ධන වේගය 7.6‍% වු අතර මේ වසරේ එය 4.3% වේ යැයි අනුමාන කරයි. අනෙක් රටවල් මෙන්ම ලංකාවේද ආහාර හා ඉන්ධන මිල ඉහළ යාමෙන් උද්ධමනය වැඩිවේ. නමුත් ශ‍්‍රී ලංකාවේ 25 වසරක් තුළ සාමාන්‍ය වාර්ෂික උද්ධමන වර්ධනය 12% කි. යුද්ධයේ පිරිවැය හේතුවෙන් මුදල් ප‍්‍රතිපත්තීන්ද ඉතා ලිහිල් වී ඇත. අවතැන්වුවන් යළි පදිංචි කිරීමේ වියදම ඇතුළුව යුද්ධය නිසා අයවැයෙන් 30% ක් කා දැමෙනු ලැබ ඇත. එමනිසා GSP+ අහිමි වුවහොත් රජයට තවදුරටත් යුද්ධය ආර්ථීක බිඳවැටීමට බලනොපාන බවට තර්ක කිරීම දුෂ්කර වනු ඇත.

Back to HOME page