ත‍්‍රස්ත මර්දනයට ජයවේවා !

උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි නාමකරණය කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකරන ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට අද වෙන විට පත් වී ඇති බවයි. දැන් ඔබ කියාවි. ’’ඒක මහා මෝඩ තර්කයක්නේ. එතකොට ත‍්‍රස්තවාදී කියලා නම් කරපු සංවිධානයක් සුනාමියෙන් විපතට පත්වුණු මිනිසුන්ට අධාර කළොත් එකක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වෙනවද? ’’ කියලා.’’ දැන් තියෙන ත‍්‍රස්ත විරෝධී නීති අනුව ඒකත් එහෙම තමයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොටම ඔබට මෙහෙ කියන්න පුළුවන් ‘‘වෙන්න ඇති . ඒකත් විශ්වාස කරන මෝඩයෝ ඕන තරම්

කිසිවෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් නොසවා වුණත් කිසියම් පිරිසක් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒ වගේම අහිංසාවාදී ක‍්‍රියාවල නිරතවන පිරිසක් වුණත් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පලස්තීනයේ දේශපාලන ක‍්‍රියාවලියට සහභාගී වෙන, ඒ විතරක් නෙමෙයි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමක් වුණත් ඒ සියල්ල නොතකා ත‍්‍රස්තවාදී ලෙස නම් කරන්න පුළුවන් සහ ඒ නිසා සම්මත දේශපාලන කතිකාවෙන් ඔබ්බෙහි තියෙන දෙයක් ලෙස සැලකීමට ලක්වෙන්න පුළුවන්. ඔබ හිතයි මම කියන්නේ හමාස් සංවිධානය ගැන කියලා. නමුත්, බටහිර ඉවුරේ රමල්ලා නගරයේ සිට පාලනය ගෙනයන පලස්තීන අධිකාරීයටත් වසර කිහිපයකට පෙර ඊශ‍්‍රායලය කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. අභාවප‍්‍රාප්ත පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් ගේ කාර්යාලයටත් බෝම්බ දැම්මා.
දැන් අපි තවත් පැත්තකින් බලමු. අපට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා ‘දේශපාලන ත‍්‍රස්තය’ කියන්නේ එක්තරා ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් විස්තර කිරීමක් මිසක් ඒ වචනය ඇහුණු ගමන්ම සදාචාර වශයෙන් එය හෙළා දැකීමක් අදහස් නොවන බව. දැන් වෙලා තියෙන්නේ කිසියම් කෙනෙකුට ’’ඔයා ත‍්‍රස්තවාදියෙක් ’’ කියලා කීමයි. ඒ පුද්ගලයා හෙළා දැකීමයි කියන දෙකම එකපාරටම සිදුවීම. වටිනාකම් විනිශ්චය විස්තර කිරීම තුළම ගැබ්වෙලා තියෙනවා.
අවසාන වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ‘ත‍්‍රස්තවාදය’ කියන දෙය ක‍්‍රියාවේ

වෙනත් වචනයකින් කිව්වොත්, ප‍්‍රතිඵලය මේකයි. ත‍්‍රස්ත විරෝධය හෙවත් ප‍්‍රති ත‍්‍රස්තය (counter terrorism) කිසිඳු ප‍්‍රශ්ණ කිරීමකින් තොරව ආවේණික යහපත් දෙයක්. හරියට ‘ත‍්‍රස්තවාදය’ ආවේණිකවම නරක නපුරු දෙයක් වුණා වගේ.
It's only wordsand
words are all they need
to make you a TERRORIST
Back to HOME...