Thursday, March 19, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ අපි නෙමෙයි , උන් තමයි

ප‍්‍රචණ්ඩත්වයට කවුරුත් විරුද්ධයි. ඉස්සර බස්වල ගහලා තිබුනේNO SMOKING කියලා වුනාට දැන් හැමතැනම කියන්නේ SAY NO TO VIOLENCE කියලයි.

ගෙදර ඇතුළේ දී තමන්ගේ භාර්්‍යාවගේ ඔළුව සිහිසුන් වනතුරු බිත්තියේ ඇණපු අය , බස්වල, කෝච්චිවල කුංග්ෆු සන්දර්ශන පවත්වපු අය වුණත් සමාජයේදී ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධයි.

ඒ වුනාට ප‍්‍රචණ්ඩත්වය පිළිගෙන එය පාවිච්චි කරපු පුද්ගලයෙක් දැනට වසරකට පෙර නේපාලයේ අගමැති ධුරයට ඡන්දයෙන් පත්වුනා. බලන්නකෝ පුදුමේ කියන්නේ එයාගේ නමත් ප‍්‍රචණ්ඩ. ප‍්‍රචණ්ඩ සහෝදරයා වෙන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු කත්මන්ඩු ගිහින් එයාව හමුවෙන කොට ගරු ප‍්‍රචණ්ඩ මැතිතුමා කියන්න බැරි නිසා එයා දැන් තමන්ගේ පරණ නම හෙවත් පුෂ්පකමාල් දයාල් කියන නම පාවිච්චි කරනවා. පුෂ්පකමාල් දයාල් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වුණත් එයා ‘ආචාර්ය’ පට්ටම නමට ඉදිරියෙන් දාගන්න එච්චර උනන්දුවක් නැති විප්ලවවාදියෙක්. පුදුමයි නේද?

පහත පළවන්නේ නේපාලයේ අගමැති ප‍්‍රචණ්ඩ සහෝදරයා සමඟ ඉතාලියේ L'espresso වෙබ් අඩවිය පවත්වපු සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්.

ඔබ හිතන අන්දමට නේපාලයට අදාළව ඉතාම හදිස්සියෙන් සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද ?

ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මුළු රාජ්‍ය ව්‍යූහය ෆෙඩරල් ක‍්‍රමයක් බවට ප‍්‍රතිව්‍යුහගත කිරීමයි. පසුගිය අවුරුදු 230ක් තිස්සේ පැවතුණු වැඩවසම් ක‍්‍රමය වෙනස් කර, රාජ්‍ය ව්‍යුහය රැඩිකල් ආකාරයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රීය කරණය කිරීමට අපට අවශ්‍යයි. ස්වයංපාලන ප‍්‍රදේශ 09 කින් හෝ 10 කින් සමන්විත ෆෙඩරල් මාදිලියේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි. මේ අතර අපේ ප‍්‍රමුඛතාවය වන්නේ විප්ලවකාරී ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීමයි. විශාල ඉඩම් හිමියන්ගේ ඉඩම් පවරාගෙන දුප්පත් මිනිසුන්ට එම ඉඩම් බෙදාදීම අවශ්‍යයි.

නේපාලය තුළ වගේම විදේශයන්හිත් සිටින සමහරු කියන්නේ මා ඕ වාදීන් වන ඔබලා තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයක් නොවන බවයි. ඔවුන් හිතන්නේ බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ඔබලා බහු - පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගත් බවයි. මෙයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

ඔව්! මම ඔය කතා අහලා තිබෙනවා. මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, අපි විශ්වාස කරන අන්දමට සමාජවාදය තුළ - නිර්ධන පංතියේ ආඥදායකත්වය තුළ පවා බහු පක්ෂ තරඟකාරීත්වයකින් තිබිය යුතුයි. අප මේ තීරණයට එළඹුනේ පක්ෂය තුළ තියුණු විවාදයකින් පසුවයි. අපේ තේරුම්ගැනීම අනුව විවිධ පක්ෂ අතර තරඟකාරීත්වයකින් තොරව නූතන සමාජය ගොඩනැංවිය නොහැකියි. නමුත්, එක වැදගත් ප‍්‍රශ්ණයක් තියෙනවා. ‘‘මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහු පක්ෂ ක‍්‍රමය කවුරුන් වෙනුවෙන්ද?’’ අප දන්නවා විවිධාකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයන් තියෙනවා. සමහර පන්තිවලට හෝ සමහර ප‍්‍රදේශවලට මිස ජනගහණයේ බහුතරයට උදව් උපකාර වන කිසිවක් කරනු නොලබන, ඊට පටහැනිව අපට අවශ්‍යයි මහජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. මේ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ අදහස, එය කිසියම් උපාය මාර්ගයක් හෝ උපක‍්‍රමයක් නෙවෙයි. අපි ගැන ඔය වගේ කතා කියන උදවිය තමයි හැමදාමත් ඉඩම් හිමියන්ගේ, ධනපතියන්ගේ, ( ඉරාකයේ හා අෆ්ඝනිස්ථානයේ) ජනතාවගේ ඔළුගෙඩිවලට බෝම්බ දමා යුධ වැද්දන්ගේ පැත්ත ගන්නේ. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැත්තේ අපි නෙමෙයි. උන්

Back to HOME...

1 comment:

Sankha said...

මේක වැදගත් කතිකාවක්. අපි බලාගෙන ඉන්නවා ප්‍රචණ්ඩා කොතෙක් දුරට මේ ක්‍රමයේ වහල්ලෙක් වෙන් නැතුව තමන්ගේ මිනිස්සුන්ට සේවය කරයිද කියලා