Thursday, March 26, 2009

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදීයා ක‍්‍රියාපදයෙන් නාම පදයට - 02

ත‍්‍රස්තවාදය භංගවේවා !
ත‍්‍රස්ත මර්දනයට ජයවේවා !


උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි නාමකරණය කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකරන ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට අද වෙන විට පත් වී ඇති බවයි. දැන් ඔබ කියාවි. ’’ඒක මහා මෝඩ තර්කයක්නේ. එතකොට ත‍්‍රස්තවාදී කියලා නම් කරපු සංවිධානයක් සුනාමියෙන් විපතට පත්වුණු මිනිසුන්ට අධාර කළොත් එකක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වෙනවද? ’’ කියලා.’’ දැන් තියෙන ත‍්‍රස්ත විරෝධී නීති අනුව ඒකත් එහෙම තමයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොටම ඔබට මෙහෙ කියන්න පුළුවන් ‘‘වෙන්න ඇති . ඒකත් විශ්වාස කරන මෝඩයෝ ඕන තරම් ඇති. හැබැයි මම නම් ඒ වගේ මෝඩයෙක් නෙවෙයි.’’ එහෙම කියලා ඔබට පුළුවන් ඔබේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කරන්න. ඉතින් කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගල කණ්ඩායමක් ඔවුන් සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ දේපළවලට හානි කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ බරපතල ආකාරයේ සිවිල් නීති කඩකිරීම් නිසා හෝ ‘ත‍්‍රස්තවාදී’ කියා නම් කළාට පස්සේ ඔහු හෝ ඔවුන් ඉතින් ආයෙ දෙකක් නෑ ත‍්‍රස්තවාදියෙක් හෝ ත‍්‍රස්තවාදී සංවිධානයක් තමයි.’

කිසිවෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් නොසවා වුණත් කිසියම් පිරිසක් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒ වගේම අහිංසාවාදී ක‍්‍රියාවල නිරතවන පිරිසක් වුණත් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පලස්තීනයේ දේශපාලන ක‍්‍රියාවලියට සහභාගී වෙන, ඒ විතරක් නෙමෙයි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමක් වුණත් ඒ සියල්ල නොතකා ත‍්‍රස්තවාදී ලෙස නම් කරන්න පුළුවන් සහ ඒ නිසා සම්මත දේශපාලන කතිකාවෙන් ඔබ්බෙහි තියෙන දෙයක් ලෙස සැලකීමට ලක්වෙන්න පුළුවන්. ඔබ හිතයි මම කියන්නේ හමාස් සංවිධානය ගැන කියලා. නමුත්, බටහිර ඉවුරේ රමල්ලා නගරයේ සිට පාලනය ගෙනයන පලස්තීන අධිකාරීයටත් වසර කිහිපයකට පෙර ඊශ‍්‍රායලය කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. අභාවප‍්‍රාප්ත පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් ගේ කාර්යාලයටත් බෝම්බ දැම්මා.

දැන් අපි තවත් පැත්තකින් බලමු. අපට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා ‘දේශපාලන ත‍්‍රස්තය’ කියන්නේ එක්තරා ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් විස්තර කිරීමක් මිසක් ඒ වචනය ඇහුණු ගමන්ම සදාචාර වශයෙන් එය හෙළා දැකීමක් අදහස් නොවන බව. දැන් වෙලා තියෙන්නේ කිසියම් කෙනෙකුට ’’ඔයා ත‍්‍රස්තවාදියෙක් ’’ කියලා කීමයි. ඒ පුද්ගලයා හෙළා දැකීමයි කියන දෙකම එකපාරටම සිදුවීම. වටිනාකම් විනිශ්චය විස්තර කිරීම තුළම ගැබ්වෙලා තියෙනවා.

අවසාන වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ‘ත‍්‍රස්තවාදය’ කියන දෙය ක‍්‍රියාවේ යෙදවීමට රාජ්‍යයට හැකියාවක් නැහැ කියලා. සමහරවිට රාජ්‍යය සෘජුවමත් තවත් විටෙක තමන්ගේ අවසරය ලත් පැරා මිලිටරි හමුදා යොදා ගනිමිනුත් කරන ක‍්‍රියාකාරකම් එක් පැත්තකින් ප‍්‍රචණ්ඩකාරී වගේම තම ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා යොදා ගන්නා ඒවා වුණත් ඒවා ත‍්‍රස්තය හෝ ත‍්‍රස්ත ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ නැහැ. එයට හේතුව ත‍්‍රස්තවාදය යන වචනය දැන් අනිවාර්ය ලෙසම භාවිතා කෙරෙන්නේ රජයට පරිබාහිරව ක‍්‍රියාකරන සංවිධාන පුද්ගලයන් හැඳින්වීම සඳහාම පමණක් වීමයි. ඊටත් වඩා නරක තත්ත්වය තමයි වචන එහා මෙහා කිරීම මඟින් රාජ්‍ය ත‍්‍රස්තය කියන එන‘ත‍්‍රස්ත මර්දනය’ නැත්නම් ‘ප‍්‍රති ත‍්‍රස්තය’ බවට පත් කරලා තිබීමයි.

වෙනත් වචනයකින් කිව්වොත්, ප‍්‍රතිඵලය මේකයි. ත‍්‍රස්ත විරෝධය හෙවත් ප‍්‍රති ත‍්‍රස්තය (counter terrorism) කිසිඳු ප‍්‍රශ්ණ කිරීමකින් තොරව ආවේණික යහපත් දෙයක්. හරියට ‘ත‍්‍රස්තවාදය’ ආවේණිකවම නරක නපුරු දෙයක් වුණා වගේ.

It's only wordsand
words are all they need
to make you a TERRORIST

Back to HOME...

ත‍්‍රස්තය සහ ත‍්‍රස්තවාදීයා ක‍්‍රියාපදයෙන් නාම පදයට 02ත‍්‍රස්තවාදය භංගවේවා !ත‍්‍රස්ත මර්දනයට ජයවේවා !

උස මනින්නට , බර මනින්නට මිම්මක් තියෙනවා. එක්තරා වෙළෙඳ දැන්වීමක කියන ආකාරයට දැන් සමේ වර්ණය පවා මනින්න පුළුවන්. අපේ හිතවත් වෘත්තීය සමිති නායකයෙකුට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ‘වාමාංශිකභාවය’ පවා මැන බලන්නට. තමාගේ කලිසමේ සාක්කුවේ නිතරම රැගෙන යන මීටර් කෝදුවක ආධාරයෙන් තමයි ඔහු අනෙකා වාමාංශිකයෙක්ද දක්ෂිණාංශිකයෙක්ද කියලා මැනලා තීරණය කරන්නේ. එතකොට කෙනෙක් වාමාංශිකයෙක් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ව්‍යවහාරය අනුව නෙමෙයි. අපේ වෘත්තීය සමිති නායකයා විසින් කරන නම් කිරීම නැත්නම් ලේබල් ගැහීම හින්දයි.අපි ගිය සතියේ කතා කළා ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදියා ගැන. එතැනදී අපට පැහැදිලි වුනේ ත‍්‍රස්තවාදය යන්න දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් කියන තැනින් වෙනස් වෙලා කිසියම් පුද්ගල කණ්ඩායමක් හඳුන්වන වචනයක් බවට පත් වී ඇති ආකාරයයි. තව දුරටත් පැහැදිලි කළොත් ‘දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා හිංසාකාරී ක‍්‍රියාවක් කරන පුද්ගලයෙක්’ කියන තේරුම වෙනුවට ත‍්‍රස්තවාදී යැයි නාමකරණය කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිදුකරන ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බවට අද වෙන විට පත් වී ඇති බවයි. දැන් ඔබ කියාවි. ’’ඒක මහා මෝඩ තර්කයක්නේ. එතකොට ත‍්‍රස්තවාදී කියලා නම් කරපු සංවිධානයක් සුනාමියෙන් විපතට පත්වුණු මිනිසුන්ට අධාර කළොත් එකක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වෙනවද? ’’ කියලා.’’ දැන් තියෙන ත‍්‍රස්ත විරෝධී නීති අනුව එ්කත් එහෙම තමයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොටම ඔබට මෙහෙ කියන්න පුළුවන් ‘‘වෙන්න ඇති . ඒකත් විශ්වාස කරන මෝඩයෝ ඕන තරම් ඇති. හැබැයි මම නම් ඒ වගේ මෝඩයෙක් නෙවෙයි.’’ එහෙම කියලා ඔබට පුළුවන් ඔබේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කරන්න. ඉතින් කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගල කණ්ඩායමක් ඔවුන් සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ දේපළවලට හානි කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ රටේ යටිතල ව්‍යුහයට ප‍්‍රහාර එල්ල කළ නිසා හෝ බරපතල ආකාරයේ සිවිල් නීති කඩකිරීම් නිසා හෝ ‘ත‍්‍රස්තවාදී’ කියා නම් කළාට පස්සේ ඔහු හෝ ඔවුන් ඉතින් ආයෙ දෙකක් නෑ ත‍්‍රස්තවාදියෙක් හෝ ත‍්‍රස්තවාදී සංවිධානයක් තමයි.’
කිසිවෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් නොසවා වුණත් කිසියම් පිරිසක් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒ වගේම අහිංසාවාදී ක‍්‍රියාවල නිරතවන පිරිසක් වුණත් ත‍්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පලස්තීනයේ දේශපාලන ක‍්‍රියාවලියට සහභාගී වෙන, ඒ විතරක් නෙමෙයි ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායමක් වුණත් ඒ සියල්ල නොතකා ත‍්‍රස්තවාදී ලෙස නම් කරන්න පුළුවන් සහ ඒ නිසා සම්මත දේශපාලන කතිකාවෙන් ඔබ්බෙහි තියෙන දෙයක් ලෙස සැලකීමට ලක්වෙන්න පුළුවන්. ඔබ හිතයි මම කියන්නේ හමාස් සංවිධානය ගැන කියලා. නමුත්, බටහිර ඉවුරේ රමල්ලා නගරයේ සිට පාලනය ගෙනයන පලස්තීන අධිකාරීයටත් වසර කිහිපයකට පෙර ඊශ‍්‍රායලය කිව්වේ ත‍්‍රස්තවාදීන් කියලා. අභාවප‍්‍රාප්ත පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් ගේ කාර්යාලයටත් බෝම්බ දැම්මා.
දැන් අපි තවත් පැත්තකින් බලමු. අපට සම්පුර්ණයෙන්ම අමතක වෙලා තියෙනවා ‘දේශපාලන ත‍්‍රස්තය’ කියන්නේ එක්තරා ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් විස්තර කිරීමක් මිසක් ඒ වචනය ඇහුණු ගමන්ම සදාචාර වශයෙන් එය හෙළා දැකීමක් අදහස් නොවන බව. දැන් වෙලා තියෙන්නේ කිසියම් කෙනෙකුට ’’ඔයා ත‍්‍රස්තවාදියෙක් ’’ කියලා කීමයි. ඒ පුද්ගලයා හෙළා දැකීමයි කියන දෙකම එකපාරටම සිදුවීම. වටිනාකම් විනිශ්චය විස්තර කිරීම තුළම ගැබ්වෙලා තියෙනවා.
අවසාන වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා ‘ත‍්‍රස්තවාදය’ කියන දෙය ක‍්‍රියාවේ යෙදවීමට රාජ්‍යයට හැකියාවක් නැහැ කියලා. සමහරවිට රාජ්‍යය සෘජුවමත් තවත් විටෙක තමන්ගේ අවසරය ලත් පැරා මිලිටරි හමුදා යොදා ගනිමිනුත් කරන ක‍්‍රියාකාරකම් එක් පැත්තකින් ප‍්‍රචණ්ඩකාරී වගේම තම ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා යොදා ගන්නා ඒවා වුණත් ඒවා ත‍්‍රස්තය හෝ ත‍්‍රස්ත ක‍්‍රියා වශයෙන් හඳුන්වන්නේ නැහැ. එයට හේතුව ත‍්‍රස්තවාදය යන වචනය දැන් අනිවාර්ය ලෙසම භාවිතා කෙරෙන්නේ රජයට පරිබාහිරව ක‍්‍රියාකරන සංවිධාන පුද්ගලයන් හැඳින්වීම සඳහාම පමණක් වීමයි. ඊටත් වඩා නරක තත්ත්වය තමයි වචන එහා මෙහා කිරීම මඟින් රාජ්‍ය ත‍්‍රස්තය කියන එන‘ත‍්‍රස්ත මර්දනය’ නැත්නම් ‘ප‍්‍රති ත‍්‍රස්තය’ බවට පත් කරලා තිබීමයි.
වෙනත් වචනයකින් කිව්වොත්, ප‍්‍රතිඵලය මේකයි. ත‍්‍රස්ත විරෝධය හෙවත් ප‍්‍රති ත‍්‍රස්තය (counter terrorism) කිසිඳු ප‍්‍රශ්ණ කිරීමකින් තොරව ආවේණික යහපත් දෙයක්. හරියට ‘ත‍්‍රස්තවාදය’ ආවේණිකවම නරක නපුරු දෙයක් වුණා වගේ.
It's only wordsand words are all they needto make you a TERRORIST

Thursday, March 19, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ අපි නෙමෙයි , උන් තමයි

ප‍්‍රචණ්ඩත්වයට කවුරුත් විරුද්ධයි. ඉස්සර බස්වල ගහලා තිබුනේNO SMOKING කියලා වුනාට දැන් හැමතැනම කියන්නේ SAY NO TO VIOLENCE කියලයි.

ගෙදර ඇතුළේ දී තමන්ගේ භාර්්‍යාවගේ ඔළුව සිහිසුන් වනතුරු බිත්තියේ ඇණපු අය , බස්වල, කෝච්චිවල කුංග්ෆු සන්දර්ශන පවත්වපු අය වුණත් සමාජයේදී ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධයි.

ඒ වුනාට ප‍්‍රචණ්ඩත්වය පිළිගෙන එය පාවිච්චි කරපු පුද්ගලයෙක් දැනට වසරකට පෙර නේපාලයේ අගමැති ධුරයට ඡන්දයෙන් පත්වුනා. බලන්නකෝ පුදුමේ කියන්නේ එයාගේ නමත් ප‍්‍රචණ්ඩ. ප‍්‍රචණ්ඩ සහෝදරයා වෙන රටවල ජනාධිපතිවරු, අගමැතිවරු කත්මන්ඩු ගිහින් එයාව හමුවෙන කොට ගරු ප‍්‍රචණ්ඩ මැතිතුමා කියන්න බැරි නිසා එයා දැන් තමන්ගේ පරණ නම හෙවත් පුෂ්පකමාල් දයාල් කියන නම පාවිච්චි කරනවා. පුෂ්පකමාල් දයාල් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වුණත් එයා ‘ආචාර්ය’ පට්ටම නමට ඉදිරියෙන් දාගන්න එච්චර උනන්දුවක් නැති විප්ලවවාදියෙක්. පුදුමයි නේද?

පහත පළවන්නේ නේපාලයේ අගමැති ප‍්‍රචණ්ඩ සහෝදරයා සමඟ ඉතාලියේ L'espresso වෙබ් අඩවිය පවත්වපු සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්.

ඔබ හිතන අන්දමට නේපාලයට අදාළව ඉතාම හදිස්සියෙන් සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද ?

ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මුළු රාජ්‍ය ව්‍යූහය ෆෙඩරල් ක‍්‍රමයක් බවට ප‍්‍රතිව්‍යුහගත කිරීමයි. පසුගිය අවුරුදු 230ක් තිස්සේ පැවතුණු වැඩවසම් ක‍්‍රමය වෙනස් කර, රාජ්‍ය ව්‍යුහය රැඩිකල් ආකාරයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රීය කරණය කිරීමට අපට අවශ්‍යයි. ස්වයංපාලන ප‍්‍රදේශ 09 කින් හෝ 10 කින් සමන්විත ෆෙඩරල් මාදිලියේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි. මේ අතර අපේ ප‍්‍රමුඛතාවය වන්නේ විප්ලවකාරී ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීමයි. විශාල ඉඩම් හිමියන්ගේ ඉඩම් පවරාගෙන දුප්පත් මිනිසුන්ට එම ඉඩම් බෙදාදීම අවශ්‍යයි.

නේපාලය තුළ වගේම විදේශයන්හිත් සිටින සමහරු කියන්නේ මා ඕ වාදීන් වන ඔබලා තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයක් නොවන බවයි. ඔවුන් හිතන්නේ බලය අල්ලා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ඔබලා බහු - පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගත් බවයි. මෙයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

ඔව්! මම ඔය කතා අහලා තිබෙනවා. මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, අපි විශ්වාස කරන අන්දමට සමාජවාදය තුළ - නිර්ධන පංතියේ ආඥදායකත්වය තුළ පවා බහු පක්ෂ තරඟකාරීත්වයකින් තිබිය යුතුයි. අප මේ තීරණයට එළඹුනේ පක්ෂය තුළ තියුණු විවාදයකින් පසුවයි. අපේ තේරුම්ගැනීම අනුව විවිධ පක්ෂ අතර තරඟකාරීත්වයකින් තොරව නූතන සමාජය ගොඩනැංවිය නොහැකියි. නමුත්, එක වැදගත් ප‍්‍රශ්ණයක් තියෙනවා. ‘‘මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහු පක්ෂ ක‍්‍රමය කවුරුන් වෙනුවෙන්ද?’’ අප දන්නවා විවිධාකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයන් තියෙනවා. සමහර පන්තිවලට හෝ සමහර ප‍්‍රදේශවලට මිස ජනගහණයේ බහුතරයට උදව් උපකාර වන කිසිවක් කරනු නොලබන, ඊට පටහැනිව අපට අවශ්‍යයි මහජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. මේ තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ අදහස, එය කිසියම් උපාය මාර්ගයක් හෝ උපක‍්‍රමයක් නෙවෙයි. අපි ගැන ඔය වගේ කතා කියන උදවිය තමයි හැමදාමත් ඉඩම් හිමියන්ගේ, ධනපතියන්ගේ, ( ඉරාකයේ හා අෆ්ඝනිස්ථානයේ) ජනතාවගේ ඔළුගෙඩිවලට බෝම්බ දමා යුධ වැද්දන්ගේ පැත්ත ගන්නේ. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැත්තේ අපි නෙමෙයි. උන්

Back to HOME...