Thursday, September 11, 2008

GSP+ ගැන චණ්ඩි කතා සහ ඇත්ත කතා

යුරෝපා සංගමයට ඇඟලූම් අපනයනය කරන රටවල් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අදාළව එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ගේ ප‍්‍රමාණයද සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමේ රටවල් වලට කෙරෙන භාණ්ඩ අපනයනයේදී අපනයනය කෙරෙන භාණ්ඩ සදහා ගෙවිය යුතු රේගු බදු සහනය GSP+ ය. ආසියාවෙන් මෙම සහනය ලැබූ රටවල් දෙක වන්නේ මොංගෝලියාව සහ ශ‍්‍රී ලංකාවයි. මෙම සහනය වෙනුවෙන් පනවන ලද එකම කොන්දේසිය වූයේ සහනය ලබන රටවල් අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් තබා ඇති මානව හිමිකම් වලට අදාළ ප‍්‍රඥප්තීන් 27කට අයත් කාරණා එම රටවල් පිළිපැදිය යුතු බව පමණි. නමුත් තව නොබෝ දිනකින් මෙම සහනය අප රටට අහිමි වීමේ තර්ජනයක් ඇත. මේ ඒ පිළිබඳව අගෝස්තු මස 27 වන දින ටැමිල් ගාඩියන්හි පළවු ලිපියකි.

ලංකාවේ ඇඟළුම් කර්මාන්තය පළමුවරට දශක දෙකක කාලයක් පුරාවට අපනයන ආදායම් උපයන ඉහළම මාර්ගය බවට පත්ව ඇති අවස්ථාවක සහ ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පිළිගැනීම අහිමිවීමේ අවාසිදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති අවස්ථාවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ලංකාව තවදුරටත් බටහිර රටවල් මත රඳා නොපවතින බවයි. ඒ පොලොන්නරුවේ වාරිමාර්ග ව්‍යාපෘතියක් ජනතා අයිතියට පැවරීමේ උළෙලකදීය. එතුමා තවදුරටත් කියා සිටියේ බටහිර මත රඳා පවතින නායකයන්ගේ යුගය තම පාලන කාලයෙන් අවසන් වන බවයි.

Lanka Orix Securities හි පර්යේෂණ ප‍්‍රධානී වජිර පේ‍්‍රමවර්ධන පැවසුවේ, උද්ධමනය සියයට 27% ක ප‍්‍රතිශතයකින් ඉහළ යන විට මිනිසුන් උපයන ආදායම ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවන බවයි. මෙවැනි තත්වයක් තුළ බොහෝ දෙනා තම රැකියා අතහැර විදේශ ගතවේ. ”ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව හා GSP+ සඳහා එහි බලපෑම” යන ශිර්ෂය යටතේ The Economist සඟරාවේ ලිපියක් මෙලෙස දක්වා තිබුනි. ”2004 වසරේ ඇති වු සුනාමියෙන් පසු ශ‍්‍රී ලංකාව නැවත ගොඩ ගැනීමට GSP+ ආධාරකයක් විය. යුරෝපා සංගමය මඟින් ලබා දුන් සහන ශ‍්‍රී ලංකා අපනයනකරුවෝ භුක්ති වින්දහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වුයේ යුරෝපා සංගමයයි. එය වසරකට ඩොලර් බිලියන 1ක පමණ විකුණුම් ප‍්‍රමාණයකි. ඉන් හරි අඩක් ආවරණය කරනු ලබන්නේ GSP+ හරහාය. නමුත් GSP+ පාලනය කරන රීතීන්වලට අදාළව ගැටලූවක් උද්ගත වී ඇත. ප‍්‍රතිලාභ භුක්ති විඳින්නන් පරිසර, කම්කරු හා මානව හිමිකම් යන අංශවල ප‍්‍රමිතීන් දක්වන්නා වු අන්තර්ජාතික සම්මුතීන් 27 පිලිපැදීම කළ යුතුවේ. මේ සියල්ල අවසානයේ ශ‍්‍රී ලංකාව මෙය ඉටුකර ගැනීමට නොහැකිව දඟලමින් සිටියි. මන්ද 2008 වසර අවසානයේ ගිවිසුම අවසන් වීමට නියමිතය.
The Economist සඟරාව තවදුරටත් දැක්වු ආකාරයට 2006 වසරේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ දෙමළ හා මුස්ලිම් ජනතාව සිය ගණනක් ඝාතනය කිරීම හා අතුරුදහන්වීම සම්බන්ධව රජයට දෝෂාරෝපණ එල්ල වී ඇත. එසේම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම රජය ප‍්‍රතික්ෂේප කරන ලදි. විකල්ප වශයෙන් ඉන්දියාව, ප‍්‍රංශය, ඇමෙරිකාව හා අනෙකුත් රටවලින් පැමිණි අද්විතීයයන්ගේ කණ්ඩායමකට රජය විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිරීක්ෂණය කිරීමට ආරාධනා කළත් ඔවුන් පසුගිය අපේ‍්‍රල් මාසයේ තම නිරීක්ෂණය අත්හරින ලද්දේ සත්‍ය හෙළිදරව් කිරීමට දේශපාලන වුවමනාවක් රජයට නැති බව දක්වමිනි.

ලංකාව පිළිබඳ අත්දැකීම් ඇති යුරෝපා සංගමයේ ජේය්‍යෂ්ඨ නිලධාරියකු පැවසුවේ දැනට පෙනෙන්නට ඇති ආකාරයට GSP+ සහනය අලූත් කිරීම සිදු නොවනු බවයි. ඔහු යෝජනා කළේ සහනය තවදුරටත් ලබා ගැනීමට නම් අඩු ගණනේ 2006 දී ඝාතනයට ලක්වු ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17 දෙනා පිළිබඳවත් ත‍්‍රිකුණාමලයේ ඝාතනය වු ශිෂ්‍යයන් 05 දෙනා පිළිබඳවත් වන නඩුවල සෑබෑ ප‍්‍රගතියක් පෙන්විය යුතු බවයි. එවැනි ප‍්‍රගතියකින්වත් තොරව යුරෝපා සංගමය විසින් GSP+ සහනය අලූත් කළහොත් එම තීරණය ලෝක වෙළෙඳ සංවිධානය තුළදී අභියෝගයට ලක්වනු ඇතැයි වැඩි දුරටත් පැවසු එම නිලධාරියා එවැනි තත්ත්වයක් තුළ 2004 දී පකිස්ථානය සමඟ කෙරෙන යුරෝපා සංගමයේ වෙළෙඳාම අත්හිටුවීමට සිදුවු බවද පැවසීය.

SUSSEX විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයකු විසින් සකස් කරන ලද තවමත් ප‍්‍රකාශයට පත් නොවූ පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව GSP+ සහනය අහිමි වීමෙන් ලංකාවේ ඇඟලූම් ආනයනයන් 4% කින් කපා හැරෙනු ඇත. සමස්ථයක් ලෙස එය දළ දේශිත නිෂ්පාදිතයෙන් (GDP) 2% කි. මාස් හෝල්ඩින්ග්ස් ආයතනය කල්පනා කරන්නේ GSP+ අහිමි වන බවයි. මේනිසා වැඩිවන වියදම අඩුකර ගැනීමට වෙනත් වියදම් කපා හැරීමට සමාගම බලාපොරොත්තු වන අතර ඒනිසා ඇඟලූම් සඳහා රෙදි ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් මිලදී නොගෙන නැගෙනහිර ආසියාවෙන් ගැනීමට ඔවුන් ක‍්‍රියාකර ගෙන යයි.

The Economist සඟරාවට අනුව, මෙය ශ‍්‍රි ලංකාවට හා අපගේ ඇඟලූම් කර්මාන්තකරුවන්ට නරක තත්ත්වයක් උදාකරන්නකි. මෙම සඟරාව තවදුරටත් දක්වන ආකාරයට ශ‍්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 30% කට ආසන්නය. ගණනය කිරීම් අනුව 2006 වසරේ ආර්ථික වර්ධන වේගය 7.6‍% වු අතර මේ වසරේ එය 4.3% වේ යැයි අනුමාන කරයි. අනෙක් රටවල් මෙන්ම ලංකාවේද ආහාර හා ඉන්ධන මිල ඉහළ යාමෙන් උද්ධමනය වැඩිවේ. නමුත් ශ‍්‍රී ලංකාවේ 25 වසරක් තුළ සාමාන්‍ය වාර්ෂික උද්ධමන වර්ධනය 12% කි. යුද්ධයේ පිරිවැය හේතුවෙන් මුදල් ප‍්‍රතිපත්තීන්ද ඉතා ලිහිල් වී ඇත. අවතැන්වුවන් යළි පදිංචි කිරීමේ වියදම ඇතුළුව යුද්ධය නිසා අයවැයෙන් 30% ක් කා දැමෙනු ලැබ ඇත. එමනිසා GSP+ අහිමි වුවහොත් රජයට තවදුරටත් යුද්ධය ආර්ථීක බිඳවැටීමට බලනොපාන බවට තර්ක කිරීම දුෂ්කර වනු ඇත.

Back to HOME page

1 comment:

ABC said...

I think sri lankan goverment did n't care about any thing other than war at currently beacuase of that GSP+ or any non related issues other than war are n't important to regime at present. under this circumtances speak about this kind of issue may be n't created any force to change goverment policy of war on terror and their aggresive policy in north and eles where in the country but we appriciate your brave decision to discuss this burning forigen policy and human rights issue .