සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පසු විපරම් කමිටුව පසුගියදා ජිනීවාහි දී රැස්වුවාය. එයට සිවිල් සමාජය නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරිනියක මෙන්ම සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනිය වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහභාගී වූ අතර සමුළුව පිළිබඳ ඇය දැක්වූ අදහස් අද සමබිමෙන් අප ඔබ වෙත ගෙන එන්නෙමු.
රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?
රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?
ලංකා රජය මින් වසර පහකට පෙර සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇත. මෙම සම්මුතියෙන් රැකියා සඳහා යම් රටක සිට විදෙස් රටවලට යන සහ විදෙස් රටවලින් එම රට තුළට සේවය සඳහා පැමිණෙන සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු ලබයි.
මේ සම්මුතිය ගැන මෙසේ කතා කරන්නට අපට සිදුවූයේ ඉකුත් සතියේ ජිනීවාහි දී රැස්වූ සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පසු විපරම් කමිටුව සංක‍්‍රමණික සේවකයන් පිළිබඳ ලංකා රජයේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්න කළ බැවිනි. සිවිල් සමාජය නියෝජනය කරමින් අපද ඊට සහභාගී වුණෙමු.
මෙම පසු විපරම් කමිටුව ස්ථාපිත කර ඇත්තේ ලංකාව ඇතුළුව මෙයට අත්සන් තබා ඇති සෑම රටක්ම ඊට අත්සන් කිරීමෙන් පසු සම්මුතියට අනුකුලව සංක‍්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමටය. අත්සන් කර වසර දෙකකට පසු අදාළ රට වෙනුවෙන් රැස්වන කමිටුව ලංකාවේ සංක‍්‍රමණික සේවකයින්ගේ තත්ත්වය විභාග කිරීමට පසුගියදා රැස් වූයේ අත්සන් තබා වසර පහකට පසු පළමුවතාවටය. මෙය විවිධ රටවල් වලින් තෝරා ගත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවකි. මෙම අත්සන් තැබීමත් සමඟ ලංකා රජය සම්මුතියේ ඇති ප‍්‍රතිපාදන භාවිතා කරමින් රැකියා සඳහා විදේශගත වන සියළුම ලාංකික සංක‍්‍රමණිකයන් හා මෙරට සිටින විදේශීය සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නීත්‍යනුකූලව බැඳෙයි.
මෙහිදී පසු විපරම් කමිටුව ඉදිරියේ ලංකා රජයේ නියෝජිත පිරිස හා සිවිල් සංවිධාන විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.රුහුණගේ ඇතුළු මෙරට නියෝජිත පිරිස ලංකාවේ දැනට සංක‍්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්නා නීති සහ එමඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වූහ. සිවිල් සංවිධාන වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ ජාලය හා සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ඊට ප‍්‍රතිචාර ලෙස විකල්ප වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදී.
මෙහිදී රජයේ නියෝජිතයන් විසින් විවෘත ආර්ථිකය හේතුවෙන් පසුගිය කාලවකවානුව තුළ ශ‍්‍රම බලකායේ විශාල පිරිසක් විදේශවලට සංක‍්‍රමණය වීම හරහා මෙරට ආර්ථිකයට විශාල ප‍්‍රතිලාභයක් අත් වූ බව කියා සිටි අතර සිවිල් සංවිධාන විසින් එකී සංක‍්‍රමණයන් මෙරට දිළිඳුකම තුරන් කිරීමේ කාර්යයේදී මහත් පිටිවහලක් වූ බව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.මෙම කරුණු දැක්වීම් සියල්ලෙන් අනතුරුව කමිටුව අවධාරණය කළ විශේෂ කාරණා කිහිපයක්ම විය. එයින් ඔවුන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ ලංකාව තුළ සිටින සියළුම සංක‍්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු වන ආකාරයේ විශේෂ නීතියක් තවම ස්ථාපිත කර නොතිබීම හා දැනට පවත්නා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ නීති හා ව්‍යවස්ථාපිත නීතිවල රැකවරණය විදේශගතව සිටින සංක‍්‍රමණික සේවකයන් හට බලාත්මක කිරීමේ අවකාශයක් නොමැතිවීම කෙරෙහිය.විද්වත් මණ්ඩලය බොහෝ වාරයක් මතු කළ අනෙක් ගැටලූව වූයේ මැද පෙරදිග රාජ්‍යයන්හි පවතින ‘අල් කෆීලා’ නම් ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කුමක්ද යන්නය. හාම්පුතුන්ට තමන් යටතේ සිටින සේවකයින්ගේ සියළුම කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය හිමි අල් කෆීලා සම්ප‍්‍රදාය වඩා සමීප වන්නේ වහල් සේවයටය.
එසේම මෙරට සිටින සංක‍්‍රමණික සේවකයින්ට සහන සලසන කම්කරු හෝ වෙනත් විශේෂ නීතියක් රජය විසින් ස්ථාපිත කර තිබේද යන්නද කමිටුවෙහි විමසුමට ලක් විය. 1977 සිට ලංකාව අනුගමනය කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා ලෝක බැංකුවේ ආර්ථික ප‍්‍රතිව්‍යුහකරණය සම්බන්ධයෙන් පවතින ප‍්‍රතිපත්තීන්ට අනුගතව ග‍්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තයට දී තිබූ සහන රාශියක් කප්පාදු කරන ලද තත්ත්වයක් තුළ වර්ධනය වූ ග‍්‍රාමීය දිළිඳුභාවය සහ රැකියා වියුක්තිය හේතුවෙන් ශ‍්‍රමිකයන්ට නිදහස් වෙළෙඳ කලාපය හා මැද පෙරදිග රැකියාවන් කරා පිටත්ව යන්නට සිදු විය.ගම දිළිඳු වීම ඇරඹෙත්ම ආර්ථිකය ජය ගැනීමේ අභියෝගය ප‍්‍රධාන වශයෙන්ම බාරගත්තේ කාන්තාවන්ය.
කාන්තාව මත පැටවුණු මෙම ආර්ථික භාරය පිළිබඳ සංවේදී වන සංක‍්‍රමණික සේවක නීති රීති නොමැතිකමත්, ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ආරක්ෂණයක් හෝ ඒ විෂයෙහි මතු වන දුෂ්කරතා ආදිය පිළිබඳව මෙරට වාර්තාවේ කොතැනකවත් සඳහන්ව නොතිබුණි.විශේෂයෙන්ම මැද පෙරදිග රිමාන්ඞ් බාරයේ පසුවන රිෆානා දැරියගේ සිට මෑතකදී කොළඹ බෞද්ධාලෝක මාවතේ කුණු ඇලක ඝාතනය වී සිටි දෙමළ දැරියන් දෙදෙනා දක්වා සේවා සැපයීම තුළ කාන්තාවන් මුහුණපාන අකටයුතුකම්, ප‍්‍රචණ්ඩත්වයන් හා අනාරක්ෂිතභාවයන් සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැතිකම මෙයින් හෙළිදරවු කරයි.මෙම ශ‍්‍රමිකයන් වෙනුවෙන් තමන් යම් යම් සුභ සාධනමය කටයුතු සිදු කරන්නේ යැයි රජය කියන විට අප අසන්නේ ඒ සිදුවන සුභ සාධනයෙන් ලබන ප‍්‍රතිලාභය හානිපූරණය කිරීමට ප‍්‍රමාණවත්ද යන්නයි. අපේ ස්ථාවරය නම් එය කිසිසේත් ගණනය කළ නොහැකි පිරිවැයක් බවයි. රජය කිසිදු පිරිවැයක් නොදරා නිරායාසයෙන් මෙරටට ගලා එන මෙම ශූද්ධ ලාභයෙන් නඩත්තු වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අනුබද්ධ ආයතනවලට පැවරී ඇති වගකීම පිළිබඳව මෙහිදී සිවිල් සමාජය විසින් වැඩිදුරටත් පෙන්වා දුන් අතර දෙපාර්ශ්වය දැක්වූ කරුණු විභාග කර කමිටුව විසින් මේ වන විට සිය නිර්දේශ සහ යෝජනා රාශියක් ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇත.
සාමාන්‍යයෙන් ලංකා රජය පසුගිය කාලය මුළුල්ලේ මෙරට සිවිල් සමාජය විසින් පෙන්වා දුන් සහ ජාත්‍යන්තර වශයෙන් කරන ලද නිර්දේශයන් නොසලකා හැරීම පුරුද්දක් බවට පත්කරගෙන සිටියත් මෙරටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මෙම සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී හෝ ඔවුන්ට සුභදායී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළෙඔනු ඇතැයි සිවිල් සමාජය බලාපොරොත්තු වෙයි.
No comments:
Post a Comment